ඩිලීට් කරන්න බැරි ෆයිල් ඉවරක් කරගන්න


අපි කොම්පීතරේ ෆෝමැටි කරලා  කාලයක් යනකොට එහි ඇති ෆයිල්ස් අපිලිවෙල වෙනවා.සමහර සොෆ්ටු අන්ස්ට්‍රෝල් කරාම තවත් කෑලි ඉතිරි වෙනවා.තවත් සමහර සෙටප් ෆයිල්,වෛරස් එහෙමත් කොම්පීතරේ එක එක තැන් වල ලැග ගන්නවා.
ඉතිං මේව අපි ඩිලීටි කලාම කෑලි,කෑලි ඉතිරි වෙනවා.ඒ ඉතිරි වෙන කෑලි කොච්චර තැටමුවත් ඩිලීට් කොරන්න තියා,අඩුම තරමේ මූව් කොරන්න,රීනේම් කොරගන්නවත් බෑ.ඇක්සෙස් ‍ඩිනයිඩඩ් කියලා වැටෙනවා.ඔයාලටත් අනිවා මේ වගේ ෆයිල්ස් මුන ගැහිලා ඇති.
ඒ වගේ ෆයිල්ස් මට්ටු කරන්න Unlocker කිරි ගහට ඇගිල්ලෙන් ඇන්න වගේ තමා.;-) ඉන්ස්ට්‍රෝල් අවශ්‍ය නෑ.32 බිට් සිස්ටම් අය x86 ෆෝල්ඩරයත්,62 බිට් සිස්ටම් අය x64 ෆෝල්ඩරයත් පාවිච්චි කොරන්ට ඈ.මේකෙන් හොල්ලන්නවත් බැරි ෆයිල්ස් රීනේම් කොරන්න,මූව් කොරන්න,ඩිලීට් කොරන්න පුලුවන්.ඔය ඔපරේටින් සිස්ටොම් එකේ ෆයිල්ස් එහෙම ඩිලීට් කොරගෙන අපිට එහෙම සෝලි තියනව එහෙම නෙවේ.එහෙකම් බා ගමු.ගොහින් එඤ්ඤම්.



0.1MB
LINK 1
LINK 2

0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)