VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු
ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති...
මේ ගැන පොඩි හැදින්වීමක් කළොත් දැනට භාවිතා කරමින් සිටින මෙහෙයුම් පද්ධතිය මතම virtualization මෘදුකගංයක් ස්ථාපිත කර, virtual machine කිහිපයක් නිර්මාණය කර ඔබටත් එකවර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ දෘඩාංග උපරිම ලෙස භාවිතයට ගැනීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට හැකි වීම සහ පහසුවෙන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීමය(Backups & Restore).
ඉතින් මේ සදහා වඩාත් උචිතම සහ පහසුම virtualization මෘදුකගංයක් තමාVirtualBox, එය ඔබට Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල කිසිදු අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. දැනට මෙහි VirtualBox 2.1.2 සංස්කරණය නිකුත්වී තිබෙනවා, මේකත් නිදහස් සහ විවෘත කේත මෘදුකගංයක්(FOSS). ඉතින් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. ඔබත් ස්ථාපිත කළානම්, දැන් තව තවත් මෙහෙයුම් පද්ධති ධාවනය කළ හැකියි. නමුත් එය පරිගණකයේ ඇති දෘඩාංග වල ධාරිතාව(RAM, CPU, Hard Disk Space, VGA) මත රදාපවතිනවා. පහත Video එක බැලීමෙන් නිවැරිදිව Virtual machine එකක් ස්ථාපිත කරගන්නා ආකාරය පිලිබද හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.
මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.
මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.
ඇත්තටම භාවිතයේ වාසි බොහොමයක් පවතිනවා,
- Linux (Ubuntu, RedHat, fedora)වැනි මෙහෙයුම් පද්ධති සමග අත්හදා බැලීම් වලට ඇති චකිතය මගහරවා ගැනීමට හැකිවීම.
- පරිගණක ජාලකරණය පිලිබද විවිධ ආකරායේ ක්‍රියාකාරකම් එක් පරිගණකයක් මගින් සිදු කළ හැකි වීම.
- Hard Disk එකක් Format කිරීමට පෙර මෙහෙයුම් පද්ධතියක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට හැකිවීම.
- Backups කිරීමට පහසු වීම.

0 comments:
ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)