Ram එකක් ගන්නේ නැතුව Ram එක වැඩි කරගන්න..


අද මම ඔයාලට කියන්න යන්නේ පොඩී වැඩක්.....මේක ගොඩක් කට්ටිය දන්න වැඩක්.මේකට කියන්නෙ virtual memory කියල.ඒ කියන්නෙ RAM එකට පොඩි sup එකක් විදියට hard එකෙන් පොඩි ඉඩක් දෙනවා.

                                     ඉස්සල්ලම my computer properties  යන්න.ලේසිම විදිය තමා windows key එකයි Pause/Break key එකයි ඔබන්න.දැන් advance ටැබ් එකට ගිහින් performance යටතේ තියන settings වලට යන්න.
                                      ඊට පස්සෙ එතනත් තියන ටැබ් 3න් Advance ටැබ් එකට ගිහින් යටම තියන virtual memory එක change කියල දෙන්න..දැන් වැඩේ ගොඩ..
                                      ඊට පස්සෙ ඔයාල RAM එකට help කරන්න ඉඩ දෙන hard එක තෝරල Custom size ඉස්සරහින් තිත තියන්න.

 

                                   දැන් මේ කොටු දෙකේ ඔයාලට කැමති ගානක් දෙන්න.පල්වෙනි කොටුවට වඩා දෙවෙනි එකෙ ටිකක් වැඩියෙන් දෙන්න.අන්තිමටම set බොත්තම ඔබන්න.දැන් සේරම හරි.වැඩේ හරි ගිහින්ද කියල බලන්නඔනෙ නම් task manager එක open කරල බලන්න.



                                             ඔය වැටෙන්නෙ දැන් තියන සම්පූර්ණම RAM එකෙ එකතුව.කොහොමද වැඩේ.ඉතින් මේක අලුත් RAM එකක් ගහන තරම් අති සාර්ථක ක්‍රමයක් නම් නෙමේ කියන එක කියන්නම ඕනා....
ඔයාලත් කරල බලන්නකෝ...

කරල බලල පොඩි comment එකකුත් දාගෙන යන්නකෝ...

0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)