IP address ගැන දන්නේ නැති අයට...



IP address ගැන දන්නේ නැති අයටයි මේ ලියන්නේ.

 ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ IP address කියන්නේ කියල.
IP කියන්නේ internet Protocol කියන එකයි. මේක හරියට ඔයාගේ ගෙදරට address එකක් තියෙනව වගේ ඉන්ටෙර්නෙට් use කරනකොට ඔයාගේ adress එක වෙන්නේ. මේක හැමෝටම පේන දෙයක්. හැමෝටම කිව්වේ ඔයා අන්තර්ජාලයෙන් කොතැනට හරි සම්බන්ධ වෙනවම් ඒ කෙනාට බලන්න පුළුවන් ඔය IP එක.
එහෙනම් ඒ කෙනාට පුළුවන්ද ඔයාගේ computer එකට සම්බන්ධ වෙන්න. පුළුවන් හොද දැනුමක් තියෙන කෙනෙක්ට ඒ ගැන. ඒක වලක්වන්න තමයි අපි router , firewall , AntiVirus භාවිතා කරන්නේ.
ඔයා ඉන්න තැන දැන ගන්නත් පුළුවන්ද. ඔව්, එත් හරියටම ඉන්න තැන නෙමෙයි. සමහරවිට ඉන්න නගරය. එහෙම නැත්නම් ඉන්න ගෙවල් සීමාව. ඒ දැන ගන්න කෙනාට ඔයා ඉන්ටෙර්නෙට් අර ගෙන තියන ISP (Internet Service Provider ) ගෙන්  අහන්න පුළුවන්ද කොහෙද මේ කෙනා ඉන්නේ කියල. ඒ වගේ සාමාන්‍ය කෙනෙක් ඇහුව්වොත් නම් දෙන්නේ නෑ. එත් උසාවියකින් තීන්දුවක් අරගෙන පුළුවන් පොලිසියට නම් ඒ ගැන හොයන්න මං දන්න විදියට. ඒවා ඉතින් අමතර කතා. අපි බලමු මේ IP එක ගැන.
ඉන්ටෙර්නෙට් සම්බන්ධතාවක් අර ගන්න ගියාම දැකල ඇති ඒවායේ සදහන් වෙනවා static IP සහ Dynamic IP adderess කියල.  මොනවද මේවායේ තේරුම. static IP කියන්නේ ඔයාලට හම්බ වෙනවා ස්ථිර IP address එකක්‌. ඒක වෙනස් වෙන්නේ නෑ. එත් dynamic IP address එකේදී ඔයාල අන්තර්ජාලයට් සම්බන්ධ වෙන හැම වෙලාවේම ඔයාලට අලුතින් IP address එකක් තමා ලැබෙන්නේ. සමහරවිට කලින් ලැබුන එකක්ම වෙන්නත් පුළුවන්. නැත්නම් අලුත්ම එකක් වෙන්නත් පුළුවන්. දිගටම ඉන්න වෙලාවක අතර උනත් මේ IP එක වෙනස් වෙන්න පුළුවන්.
IP address දෙකක්  භාවිතා වෙනව. LAN IP(Local Area Network) සහ WAN IP(Wide Area Network).
LAN IP කියන්නේ ඔයාල network සම්බන්ධ වෙලා නම්  ඔයාගේ machine එකට router එකෙන් ලැබෙන IP  address එක. 
බලමු කොහොමද මේ LAN IP  address  එක හොයා ගන්නේ කියල. එකට Start >Run (or  windows key + R)  ගිහින් cmd (එහෙම නැත්නම් command ) කියල type  කරලා enter  කරන්න.  ඊලගට් එන DOS වින්ඩොව් එකේ ipconfig කියල type කරන්න. ඔයාලට බලාගන්න පුළුවන් ඔයාගේ IP address එක. 
netstat  -n  කියල type කරලා enter කරන්න. දැනට සම්බන්ද වෙලා ඉන්න IP  address  පෙන්නාවි.
WAN IP  කියන්නේ ඉන්ටෙර්නෙට් එකට සම්බන්ධ වෙන විට භාවිතා වෙන IP address එක. මේක හොයා ගන්න මේ තියන site භාවිතා කරන්න.

0 comments:

ඔබට මෙම ලිපිය සම්බන්දයෙන් දැන ගැනීමට තවත් කරුණු තිබෙනවද? ඔබේ ගැටලුව පහතින් ඉදිරිපත් කරන්න .. .ඔබගේ අදහස් දැන ගැනීමට අපි කැමැත්තන් සිටිමු . ඒ වගේම ඔබට පුළුවන් ඔබ දන්නා කරුණුද ඇතුලත් කරන්න . ඔබග අදහස් එක් කරන්න දෙපාරක් හිත හිතා ඉන්න එපා .. එක පාර දාන්න :)